වාරියපොල සභාපති තිලකරත්නත් දොට්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පාලනය වෙන වාරියපොල ප්‍රාදේශීය සභාවේ සභාපති තිලකරත්න
බණ්ඩාර දිසානායක මහතා එම ධූරයෙන් ඉවත් කර තිබේ.
වාරියපොළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා රැසකට ඔහු වැරදිකරු බව
පරීක්‍ෂණවලින් හෙළිවීමෙන් පසු ඔහු එම ධූරයෙන් ඉවත් කළ බවට වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල්
වසන්ත කරන්නාගොඩ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් මණ්ඩලයක් මගින් සිදුකළ විමර්ශනයකින්
අනතුරුව ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා එම ධූරයෙන් ඉවත් කිරීමට තීරණය වෟ ඇතැයිද පැවැසේ.

ආණ්ඩුකාරවරයාට අනුව සභාපති තිලකරත්න බණ්ඩාර දිසානායක මහතා චෝදනා රැසකට වැරදිකරු වී
ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර ඇත.

මේ අතර බදුල්ල මහ නගර සභාවට නව නගරාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා ජනවාරි මස 11
දා සැසිවාරයක් පැවැත්වීමට ඌව පළාත් කොමසාරිස්වරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ