කොරෝනා දෙවන රැල්ලේ කොළඹ ආසාදිතයින් ගණන 10000 පසුකරයි

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් ගණන අද උදෑසන වන විටදී 10000 ඉක්මවා ඇතැයි වාර්තා වේ. ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 4 වන දින සිට අද දෙසැම්බර් මස 03 වැනිදා වනවිට කොළඹින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 10,140කි.
මේ අතර ඊයේ (02 වැනිදා) දිනයේ දී මෙරටින් වාර්තා වූ ආසාදිතයින් ගණන 878ක් වන අතර එයින් ආසාදිතයින් 402ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. මීට අමතරව ඊයේ දිනය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 188 දෙනෙක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් 98ක් හඳුනා ගෙන තිබෙන අතර මහනුවරින් ආසාදිතයින් 27ක්, කුරුණෑගල 24ක්, රත්නපුරයෙන් 52ක් සහ පුත්තලමෙන් 29 ආදි ලෙසද ආසාදිතයින් හඳුනාගෙන තිබේ.
කෙටස් වෙතත් අද උදෑසන වන විටදී මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 25,409ක් ලෙස වාර්තා වේ. එහිදී අසාදිතයින් 18,303ක් පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර රෝහල්ගත රෝගීන් ගණන 6,982ක් ලෙස වාර්තා වේ.