වර්තමානයේ සිදුවන මරණවලට කොරෝනා මර්දන බළකාය වගකිව යුතුයි – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

වර්තමානයේ සිදුවන මරණවලට කොරෝනා මර්දන බලකාය වගකිව යුතු යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා සිටියේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ කොළඹ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

කොරෝනා මර්දන බළකාය වහාම විසිරුවා හැර නීතියෙන් පිහිටුවා ඇති මණ්ඩල මාර්ගයෙන් කොවිඩ්-19 මර්දනය කරන්නට ක්‍රියා කළ යුතු යැයි ද එසේ නැතිනම් ලංකාව 21වන ශත වර්ෂයේ විශාලා මහනුවරක් බවට පත්වීමේ අවදානමක් ඇතැයිද හිටපු අගමැතිවරයා සඳහන් කළේය.

ආණ්ඩුව කොරෝනා මර්දනය සඳහා ගෙන යන ක්‍රමවේද අසාර්ථක වී ඇති බවත් එහෙයින් නීතියෙන්ම ස්ථාපිත කර තිබෙන ආපදා කළමනාකරණ මණ්ඩල මගින් මේ අර්බුදයෙන් ගොඩ එන්නට සැලසුම් සැදිය යුතු බවද හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය .