Friday, April 19, 2024
Home Headlines Coronavirus දුම්රිය ප්‍රධාන පාලන අංශයත් කොවිඩ්-19 හේතුවෙන් ගිලන් වෙයි

දුම්රිය ප්‍රධාන පාලන අංශයත් කොවිඩ්-19 හේතුවෙන් ගිලන් වෙයි

කොළඹ ප්‍රධාන දුම්රිය පාලන කාර්යාලය තුළ කොවිඩ්-19 පැතිර යාම නිසා එම කාර්යාලයේ  සේවයට අද දින පැමිණීමට නියමිතව සිට පාලකවරුන් සේවයට වාර්තා කිරීමට අකමැති වී තිබේ. මේ හේතුව නිසා නියෝජ්‍ය ගමනාගමන අධිකාරි සහ සහකාර ප්‍රවාහන අධිකාරිවරුන්ගේ එහි පාලන කටයුතු බාර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රධාන දුම්රිය පාලන කාර්යාලයේ පාලකවරුන් පහකට සහ කාර්යාල කාර්ය සාහායකවරයකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ.