කොවිඩ්-19 බේරෙන්න සෞඛ්‍ය සේවකයන්ට ’’ බූස්ටර්’’

සෞඛ්‍ය සේවකයන්ට තෙවැනි එන්නතක් (බූස්ටර්) ලබාදීමට විශේෂ අවධානය යොමුවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

සෞඛ්‍ය සේවකයන් බොහෝ දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත ලබාදී ඇතත් එලෙස එන්නත ලබාගත් සමහරුන්ට කොවිඩ් ආසාදනයවී රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවට තොරතුරු හෙළි වී ඇති හෙයින් බූස්ටර් එන්නතක් ලබාදීම කෙරෙහි අවධානය යොමුවී ඇති බව හෙතෙම අවධාරණය කළේය.

සෞඛ්‍ය අංශ සේවක සේවිකාවන් සඳහා පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාසවලදී කොවිඩ් මර්දන පළමු එන්නත ලබා දුන් බව පැවසූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔවුනට දෙවැනි එන්නත පසුගිය අප්‍රේල් මාසයේදී ලබා දුන් බවද පැවසුවේය.