වසර 125ක රන් ඉඩෝරය නිමා කළ ඉන්දියාවේ චොප්රාට හතර වටින්ම ක්‍රිකට් ලොක්කන් ගෙන් තෑගි

චොප්රාට ගෞරවයක් වශයෙන් ‘8758’ අංකය සහිත විශේෂ ජර්සියක් නිර්මාණය කරන බව දෝනිගේ කණ්ඩායම පවසයි.

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී සෙනසුරාදා (07දා) ඉන්දියාවේ නීරජ් චොප්රා පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී රන් පදක්කමක් දිනා පැය කිහිපයකට පසු, ඉන්දීය ප්‍රිමියර් ලීගයේ (අයිපීඑල්) චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම (සීඑස්කේ) විසින් රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් ඔහුට ලබා දෙන බව ප්‍රකාශයට පත් කළේය.

මේ අතර චෝප්රාගේ ජයග්‍රහණ ඉන්දීය ජාතිකයින් සමරනු ලැබුවේ අගමැති නරේන්ද්‍ර මෝදි සහ ප්‍රකට පිතිකරු සචින් තෙන්ඩුල්කාර් සමඟ සැමරුම් උත්සවයට එක්වීමෙනි.
ඉන්දියාවේ ඔලිම්පික් තරුව නීරජ් චොප්රාට ඉන්දීය රුපියල් කෝටි 1 ක මුදල් ත්‍යාගයක් පිරිනමන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා මහතාද පවසයි.
ඔවුන්ගේ වසර 125ක ඔලිම්පික් ඉතිහාසයේ ඉන්දියාවට ප්‍රථම මලලක්‍රීඩා රන් පදක්කම දිනා දුන් 23 හැවිරිදි .නීරජ් චොප්රාට ගෞරවයක් වශයෙන් ‘8758’ අංකය සහිත විශේෂ ජර්සියක් නිර්මාණය කරන බව එම්එස් දෝනිගේ නායකත්වයෙන් යුත් බලධාරීන් පැවසීය. CSK අංක 8758 තෝරා ගත්තේ ඔහුගේ ජයග්‍රහණය සඳහා වාර්තා කරන ලද හෙල්ල විසි කිරීමේ දුර ප්‍රමාණය මීටර් 87.58 ක් බැවිනි.

නීරජ් චොප්රා හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වෙන් මීටර් 87.58 ක දක්ෂතාවයක් දක්වමින් ඓතිහාසික ප්‍රථම ඔලිම්පික් මලල ක්‍රීඩා රන් පදක්කම ඉන්දියාවට දිනා ගන්නා විට චෙක් ජනරජයේ ජාකුබ් වඩ්ලෙජ් මීටර් 86.67 කින් රිදී පදක්කම දිනා ගත් අතර විටස්ලාව් වෙස්ලි ලෝකඩ පදක්කම දිනා ගත්තේ මීටර් 85.44 ක් සටහන් කරමිනි.
2008 ඔලිම්පික් උළෙලේදී මීටර් 10 එයාර් රයිෆල් ඉසව්ව අභිනව් බින්ද්‍රා ජයග්‍රහණය කිරීමෙන් පසු තනි ඔලිම්පික් රන් පදක්කමක් දිනාගත් දෙවන ඉන්දියානුවා බවට චොප්රා පත්විය.