ප්‍රංශයේ ජනාධිපතිටත් කොරෝනා

ප්‍රංශයේ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් හට කොරෝනා වෛරසය ආදානය ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
රෝග ලක්ෂණ පහළ වීමෙන් පසුව ජනාධිපතිවරයා පරීක්ෂණයකට භාජනය වී ඇති අතර එහිදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
මේ වනවිට ප්‍රංශය තුළ කොවිඩ් වෛරස ආසාදිතයින් මිලියන දෙකක් පමණ හමුවී ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන 59,000ක් පමණ වේ.