අද සිට ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි

අද (17 වැනිදා) උදෑසන 6.00 සිට අක්කරෙයිපත්තු පොලිස් බලප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයක් සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසමක් හුදකලා කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව අක්කරෙයිපත්තු පොලිස් බලප්‍රදේශයේ අක්කරෙයිපත්තු -5, අක්කරෙයිපත්තු -14, නගර බලප්‍රදේශ -3 සහ අඩ්ඩාලච්චේනයි පොලිස් බලප්‍රදේශයේ පලමුනෙයි – 1, ඔලුවිල් – 2, අඩ්ඩාලච්චේනයි -8 යන ප්‍රදේශත් අලයාඩිවෙම්බු පොලිස් බලප්‍රදේශයේ අලයාඩිවෙම්බු -8/1, අලයාඩිවෙම්බු – 8/3, අලයාඩිවෙම්බු – 9 යන ප්‍රදේශ මෙසේ හුදෙකලා කර තිබේ.
මීට අමතරව මොණරාගල දිස්ත්‍රික්කයේ අලුපොත ග්‍රාම නිලධාරී වසමද හුදෙකලා කිරීමට තීරණය කර තිබේ.