විවාහයට ඡායාරූප ගැනීමට ගිය යුවළක් සේර ඇල්ලට වැටී පෙම්වතා ජීවිතක්ෂයට

?

සිය විවාහ මංගල්‍ය වෙනුවෙන් ඡායාරූපය ගැනීමට ගිය යුවළක් ඊයේ (28 වැනිදා) මාතලේ සේර ඇල්ලට අද වැටීමෙන් පෙම්වතා ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අනුව මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පන්සිළුගම පදංචි 26 හැවිරිදි ශිරන්ත යන අයෙකි.
ලබන මස 14 වැනිදා පැවත්වෙන සිය විවාහය වෙනුවෙන් ඡායාරූප ගැනීම සඳහා මෙම යුවළ මාතලේ සේරු ඇල්ල වෙත පැමිණ ඇති අතර එහිදි දෙදෙනාම එහි තිබූ දිය වලකට වැටී තිබේ. එම අවස්ථාවේ පෙම්වතිය බේරා ගැනීමට අසළ සිටි අයෙක් සමත්වීද පෙම්වතා බේරා ගැනීමට කිසිවෙකුට හැකියාව ලැබී නොමැත.