පොඩි රාජා මිය යයි

2016 වසරේ සිට කිහිප වතාවක්ම ශ්‍රී දළදා මාලිගාවේ දළදා කරඬුව වැඩමවූ පොඩි රාජා නොහොත් කෑගල්ල මිල්ලන්ගොඩ ජයන්ති ඇතා ඊයේ (29 වැනිදා) මිය ගොස් තිබේ. පොඩි රාජා ඇතා මිය යන විට 70 වැනි වියෙහි පසුවූ අතර උස අඩි 9කින් පමණ යුතු විය.වෙහෙර විහාරස්ථාන රැසකටම පෙරහැර අවස්ථාවන්වලට සහභාගී වි ඇති මෙම ඇතා වයස අවුරුදු හතරේදී දෙහිවල සත්වෝද්‍යානයේ පැවැති ප‍්‍රසිද්ධ වෙන්දෙසියකදී එස්.ආර්.එස් මිල්ලංගොඩ මහතා විසින් මිලදී ගෙන තිබුණි.