FIFA Awards – 2021 උළෙලේදී රොනාල්ඩෝට විශේෂ ගෞරව සම්මානයක්-හොඳම ක්‍රීඩකයා රොබට් ලෙවන්ඩොව්ස්කි හොඳම ක්‍රීඩිකාව ඇලෙක්සියා පුටෙලාස්

ඊයේ ස්විට්සර්ලන්තයේ සූරිච් නුවරදී පැවැති ජාත්‍යන්තර පාපන්දු සම්මේලන (FIFA Awards – 2021) උළෙලේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විශේෂ ගෞරව සම්මානයකින් පිදුම් ලැබූ අතර පෝලන්ත ප්‍රහාරක රොබට් ලෙවන්ඩොව්ස්කි සහ ස්පාඤ්ඤ මැදපෙළ ක්‍රීඩිකා ඇලෙක්සියා පුටෙලාස් FIFA වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනා ගත්හ.
මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කරන පෘතුගාල ජාතික රොනාල්ඩෝ වයස අවුරුදු 21 වන විට වෙනත් කිසිවකු නොකළ දස්කම් කිරීමත් පෘතුගාලය වෙනුවෙන් තරග 40කදී ගෝල 12ක් රැස් කර ඇති දෙවැනි වින්ගර් ක්‍රීඩකයා වීමත් මෙම විශේෂිත ගෞරවයට හේතුවක් වී ඇත.
කෙසේ වෙතත්, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ස්වභාවධර්මයෙන් ලබා දුන් අරුම පුදුමයක් සේ සළකන අතර ඔහුගේ අවසන් ජාත්‍යන්තර තරඟ 47 තුළ ගෝල 49 ක් ලබා ක්‍රිස්ටියානෝව අලි ඩේයි පසුකරමින් සමස්ත ලකුණු 110 දක්වා ඉහළ ගොස් මෙතෙක් වැඩිම ලකුණු ලාභියා බවට පත් විය.
එසේම මියුන්ච් ක්‍රීඩා සමාජය නියෝජනය කරන සුපිරි පාපන්දු ක්‍රීඩක ලෙවන්ඩොව්ස්කි, එක් තරග වාරයකදී ලබා ගත් ගර්ඩ් මුලර්ගේ 49 වසරක් පැරණි ගෝල 40 වාර්තාව අභිබවා යමින් අඛණ්ඩව දෙවන වසරටත් හොඳම ක්‍රිඩකයා සඳහා සම්මානය දිනා ගත්තේය. “රොබට් විශේෂ කෙනෙක්. ඔහු අපේ රටේ ඉතිහාසයේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා“ පෝලන්ත ජාතිකයෝ පවසති.
ස්පාඤ්ඤ ලීගය සහ UEFA චැම්පියන්ස් ලීගය ජයග්‍රහණය කළ බාර්සිලෝනා කාන්තා කණ්ඩායමේ හදවත වූයේ 27 හැවිරිදි ඇලෙක්සියා පුටෙලාස් ය. චෙල්සි කාණ්ඩායමේ පුහුණුකරුවන් මෙවර හොඳම පුහුණුකරුවන්ට හිමි සම්මාන දෙකම දිනාගත් අතර, තෝමස් ටුචෙල් පිරිමි සම්මානයටත් එමා හේස් හොඳම කාන්තා පුහුණුකරු ලෙසත් නම් කරන ලදී.
බටහිර ලන්ඩන් සමාජය නියෝජනය කළ සෙනගල් ජාත්‍යන්තර ක්‍රිඩක එඩ්වඩ් මෙන්ඩි හොඳම පිරිමි ගෝල රකින්නා සම්මානය දිනා ගැනීමට සමත් විය.