පෝට් සිටියෙන් නව කොඩිඩ් පොකුරක් මතුවෙයිද ? සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

අලුතින් විවෘත කරන ලද කොළඹ පෝට් සිටි මරීනා සක්මන් මළුව (Colombo Port City Marina Promenade)
වෙත විශාල ජනකායක් පැමිණෙමින් සිටින අතර “පෝට් සිටි පොකුරක්“ නමින් නව කොඩිඩ් පොකුරක්
මතුවීම පිලිබඳ බියක්ද මතුව තිබේ.

එහිදී මහජනතාවගේ හැසිරීම නව කොවිඩ් පොකුරක් නිර්මාණය කිරීමේ තර්ජනයක් මතුවී ඇති බවද සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි. පෝට් සිටි මරීනා සක්මන් මළුවෙහි ජනාකීර්ණ පාලනය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

ලැබී ඇති බවතම මූලාශ්‍රවලට අනුව, ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින අතර, කොළඹ පෝට් සිටි මරීනා සක්මන් මළුවට සෙනඟ එක්රැස්වීම ආසාදිතයින්ගේ සංඛ්‍යාව වැඩි කළ හැකි බවද පැවැසේ.
බොහෝ විට සමාජ දුරස්ථභාවයකින් තොරව පසුගිය දින කිහිපය තුළ මහජනතාව පෝට් සිටි සක්මන් මළුවට ඇතුළු වීමට ඔවුන්ගේ වාරය එනතුරු බලා සිටියහ. සක්මන් මළුවට රොක් වූ සෙනඟ පරිශ්‍රය තුළ පවා සමාජ දුරස්ථභාවය පවත්වා නොතිබුණි. දිගු සති අන්තයේ සක්මන් මළුවට ඇතුළු වූ විශාල ජනකායක් අතර සිටි කිහිප දෙනෙක් මුහුණු ආවරණ පැළඳ නොසිටි ඡායාරූප ද ප්‍රසිද්ධියට පත්වී තිබුණි. කොළඹ වරාය නගරයේ මරීනා සක්මන් මළුව මහජනතාවට විවෘත වූයේ පසුගිය සතියේදීය.