අපොස සාමාන්‍ය පෙළ විභාගයට දින තීන්දු කරයි

කොරෝනා වෛරස ව්‍යාප්තිය නිසා කල් දැමුණු අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන 2021 මාර්තු 01 වැනිදා සිට මාර්තු 11 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ බව බත්තරමුල්ල නෙළුම් මාවතේ අද (07 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා කියා සිටියේය.