රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී බදු වංචා රැසක් එළියට

ඊයේ (03 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවති රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී බදු වංචා රැසක් අනාවරණ වී තබේ. ඒ අනුව 2013-2016 වර්ෂවලදී මෙරටට පාම් ඔයිල්, ආනයනය කළ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවට රුපියල් මිලියන 6,130 ක් අහිමිව ඇති බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී අනාවරණය වී තිබේ. මේ පිළිබඳ විගණකාධිපති දෙපාර්තමේන්තුව විගණන විමසුමකින් හෙළිදරවව් කර තිබේ.
තවද 2013 වසරේ සිට ආනයනකරුවන් විසින් විශේෂිත කාර්යයන් සඳහා ආනයනය කළ වාහන, ද්විත්ව-කාර්ය වාහන ලෙස ලියාපදිංචි කිරීම නිසා බදු වශයෙන් ලැබිය යුතු රුපියල් මිලියන 220ක්ද 2010-2019 දක්වා කාලයෙහි විශේෂිත වෑන් රථ 443 ක් සඳහා මිලියන 3 බැගින් බදු නියමකර අවම වශයෙන් රු.මිලියන 1300 ක මුදලක් රජයට අයකර ගත හැකිව තිබූ බවද මෙහිදී අනාවරණය වී තිබේ.
මීට අමතරව 2010 සිට 2014 දක්වා, වෑන් 10 ක් සහ ලොරි 414 ක් විශේෂිත කාර්යය වාහන ලෙස ආනයනයෙන් තවත් විශාල රේගු බදු අක්‍රමිකතාවක් සිදුව ඇති බව විගණනයෙන් පෙන්වා දී තිබේ.