චෙන්නායි තරගය පැරදුණත් චාහාර් පෙම්වතියක් ජයගනී.

 

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ (8දා) පන්ජාබ් කිංග්ස් ඉදිරියේ පරාජය වුවද, චෙන්නායි සුපර්
කිංග්ස් (සීඑස්කේ.) වේගපන්දු යවන්නකු වන දීපක් චාහාර් තරගයෙන් පසු තම පෙම්වතියට කළ
යෝජනාවට ඇය “ඔව්“ යැයි පැවැසූ බැවින් චහාර් දිනය ඉතාමත් සතුටු සිතින් අවසන් කළ බවට පවසා
ඇත.
දැනට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) 2021 තරගාවලියේ 53 වන තරඟයේදී සීඑස්කේ
පරාජය වීමෙන් පසුව, චාහාර් ප්‍රේක්ෂකාගාරයට ගොස් කළු ඇඳුමින් සැරසුණු තම පෙම්වතියට ආදරය
ප්‍රකාශ කොට ඇය පුදුමයට පත් කළේය. මෙම දෙදෙනාට එම්එස් දෝනිගේ බිරිඳ වන සාක්ෂි ඇතුළු
ඔවුන් අසල වාඩි වී සිටි අය සුබ පැතූහ. චාහාර් එම යෝජනාවේ වීඩියෝ පටයක් ඉන්ස්ටග්‍රෑම් හි පළ කළ
අතර එය “විශේෂ මොහොත” ලෙස නම් කර ඇත.
තම යෝජනාවට කැමැත්ත එනතෙක් චාහාර් ඉතා අසීරු දිනයක් ගත කළ අතර දෝනිගේ
නායකත්වයෙන් යුත් සීඑස්කේ පිල පන්ජාබ් කිංස් කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පරාජයක් ලැබීය.
චෙන්නායි කණ්ඩායමට එම පරාජය වීම එතරම් වැදගත් නොවන්නේ ඔවුන් මේ වන විටත් අවසන්
වටයට සුදුසුකම් ලබා ඇති නිසාය.
සීඑස්කේ විසින් ලබා දුන් ලකුණු 134 ක ඕවර 7 ක් ඉතිරිව ජයගත්තේ පන්ජාබ් පිල ඕවර 13 කදී කඩුලූ
4 ක් දැවී ලකුණු 139 ක් ලබා ගනිමිනි. 29 හැවිරිදි චහාර්ට කඩුල්ලක් පමණක් ලබා ගත හැකි වූ අතර ඔහු
ඕවර 4 තුළදී ලකුණු 48 ක් ලබා දුන්නේය.