ජොකොවික්ගේ වීසා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි අභියාචනය ජයගනී – වියදම් ගෙවන්නැයි අධිකරණයෙන් ඕස්ට්‍රේලියානු රජයට නියෝග

ලොව අංක එකේ පිරිමි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට වීසා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඔහුගේ අභියාචනය අද (10දා) ජයග්‍රහණය කළේය.
විනිසුරු ඇන්තනි කෙලී වීසා නඩුව විභාග කිරීමෙන් පසු විනාඩි 30 කින් ටෙනිස් ක්‍රීඩකයා රැඳවුම් භාරයෙන් නිදහස් කරන ලෙස නියෝග කළේය. අභියාචනයට අදාළ සියලු වියදම් ආවරණය කරන ලෙස ද අධිකරණය ඕස්ට්‍රේලියානු රජයට නියෝග කළේය.
මේ මස 17දා ආරම්භ වීමට නියමිත ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගීවීම සදහා පසුගිදා පැමිණි ජොකොවික්ට සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අදාළ ලිපිගොනු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් එරට ආගමන-විගමන නිලධාරීන් විසින් වීසා ලබා දීම ප්‍රතික්ෂේප කළේය. ජොකොවික් පිටුවහල් කිරීමට සහඔහුගේ වීසා අවලංගු කිරීමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ අධිකරණයට (Federal Circuit and Family Court හි ) අභියාචනයක් ඉදිරිපත් කළ අතර අධිකරණය අද තීන්දු කළේ ඔහුට වීසා ලබා දිය යුතු බවයි.
කෙසේ වෙතත්, රජයේ නීතීඥයෙකු අනතුරු ඇඟවූයේ, ඔස්ට්‍රේලියාවට තවමත් ඇමති බලතල භාවිතා කරමින් ජොකොවික් රටින් ඉවත් කිරීමට නියෝග කළ හැකි අතර, එමඟින් ඔහුට වසර තුනක තහනමක් පැනවනු ඇති බවයි.
ඕස්ට්‍රේලියානු රජය නින්දිත සහ ඉහළ මට්ටමේ පරාජයකට මුහුණ දීමත් සමඟ නීතිවේදී ක්‍රිස්ටෝපර් ට්‍රාන් විනිසුරුවරයාට දන්වා සිටියේ ආගමන අමාත්‍ය ඇලෙක්ස් හෝක් විධායක බලතල සමඟ පියවර ගත හැකි බවයි.
උසාවි ලේඛන අනුව එන්නත් නොකළ බව පවසන ජොකොවිච් තර්ක කළේ තමාට පසුගිය මාසයේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සාක්ෂි ඇති බැවින් එන්නත් කිරීම පිළිබඳ සාක්ෂි අවශ්‍ය නොවන බවයි.
ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2022 ජනවාරි 17 සිට 30 දක්වා මෙල්බර්න් උද්‍යානයේ පැවැත්වීමට නියමිත ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරඟාවලියකි. මෙවර පැවැත්වෙන්නේ 110 වැනි ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියයි.