මංතීරු නීතිය කඩන රියදුරන්ට හෙට සිට දඩ

හෙට සිට (17 වැනිදා) මංතීරු නීතිය කඩ කරන රියදුරන් හා යතුරුපැදිකරුවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පවසයි. ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මංතීරු නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට රුපියල් දෙදහසක දඩයක් නියම වන අතර අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදු නොවන බවය.
පසුගිය 14 වන දා සිට අද දිනය දක්වා, මංතීරු නීතිය අත්හදා බැලීමේ කටයුත්ත දින තුනක් ක්‍රියාත්මක විය.