වෙලේ සුදා හා ආමි සම්පත් නම් සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනාගේ සමීපතමයන් දෙදෙනෙකු හෙරෝයින් ද සමගින් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව ආමි සම්පත්ගේ අපරාධ කල්ලියේ සාමාජිකයෙකුවන සුමීර මධුසංඛ නොහොත් රේල්පාරේ සුමීර නැමැත්තා අද පෙරවරුවේ කොටහේනේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේන අතර
එහිදී සැකකරු සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 01 යි මිලිග්‍රෑම් 200 ක් සොයාගත් බව පොලීසිය පැවසයි.
වෙලේ සුදාගේ සමීපතම ඥාතියෙක් ද මේ අතර මීගොඩ දී හෙරෝයින් ග්‍රෑම් 06 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.