ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස දුමින්ද සිල්වා වැඩ අරඹයි

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් අද (11දා) පෙරවරුවේදී වැඩ භාර ගත්තේය. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පැවැති කෙටි උත්සවයකින් පසු දුමින්ද සිල්වා මහතා එම තනතුරේ වැඩ භාරගෙන තිබේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් දුමින්ද සිල්වා මහතා වැඩ භාරගැනීමේ උත්සවයට විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනකු සහභාගී වී තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අධිකරණයෙන් මරණීය දඬුවම හිමිව පසුව මෙම වසරේදී ජනාධිපති සමාව ලබා ඉන් නිදහස් විය.