කරුණාකර මාසයක් රට වහන්න – සෞඛ්‍ය අංශ රජයෙන් ඉල්ලයි

මේවනවිට බරපතළ තත්ත්වයක් මතුව ඇති කොවිඩ්-19 වසංගත පාලනය සඳහා අවම වශයෙන් මාසයක කාලයක් රට වසා දමා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්නැයි සෞඛ්‍ය අංශ රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි අනාවරණය වේ.

කොවිඩ්-19 ආසාධිතයින් 3000කට ආසන්න පිරිසක් දෛනිකව වාර්තා වීම සහ දෛනික මරණ සංඛ්‍යාවද සීයකට ආසන්න වීම හේතුවෙන් සෞඛ්‍ය අංශ මෙම ඉල්ලීම කර තිබේ.

පසුගිය දින 13 ක කාලය තුළ පමණක් කොරෝනා මරණ 1000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර බොහෝ රෝහල්වල මෘත ශරීරාගාර ද කොවිඩ්-19 මෘතදේහවලින් පිරී ගොස් ඇති අතර, රෝහල්වල වාට්ටු ද කොවිඩ්-19 රෝගීන්ගෙන් පිරී පවතින බවද සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

එහෙයින් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා අවම වශයෙන් මාසයක කාලයක් රට වසා දමා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්නැයි සෞඛ්‍ය අංශ රජයෙන් ඉල්ලීමක් කරයි.

ඡායාරූප – ඒඑෆ්පී