රූ රැජිණ කිරුළ දිනූ Evanjelin ශ්‍රී ලංකාවට

2021 වසරේ එක්සත් රාජධානියේ රූ රැජිණ කිරුළ දිනූ Evanjelin Elchmanar හෙට සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

එංගලන්තය තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මෙම සංචාරයේ අරමුණ වී තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දිවයිනට පැමිණෙන ඇය මෙරටදී සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයකට එක්වීමට නියමිත බවය.

Evanjelin Elchmanar ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණියකි.

ශ්‍රී ලාංකික මව්පිය යුවලකට දාව ප්‍රංශයේදී උපත ලද Evanjelin Elchmanar මේ වනවිට එංගලතයේ වාසය කරයි.