පළමු ගුවන් හමුදාපතිට නිවන් සුව !

පළමු ගුවන් හමුදාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයට එක්වූ එයාර් චීෆ් මාර්ෂල් පත්මන් හරිප්‍රසාද් මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත විය.
රාජකීය ලංකා ගුවන් හමුදාවේ පස්වන ආධුනික නිළධාරියා ලෙස 1951 වසරේ අගෝස්තු මස 08 වන දින රාජකිය ලංකා ගුවන් හමුදාවට බැඳුන එයාර් චීෆ් මාර්ෂල් පත්මන් හරිප්‍රසාද මෙන්ඩිස් මහතා , ‘පැඩි මෙන්ඩිස්’ යන ආදර නාමයෙන්ද හඳුන්වනු ලැබූ අතර ඔහු වයස අවුරුදු 38 දී ලාබාලතම ගුවන් හමුදාපතිවරයා බවට පත්විය.
දේහය පිළිබඳව අවසන් කටයුතු අද (19) පස්වරුවේ ගල්කිස්ස නිසල සෙවන පොදු සුසාන භූමියේදි පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව සිදු කිරිමට නියමිතයි.