ICC ක්‍රිකට් කමිටුවේ සභාපතිත්වය ගංගුලිට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයිසීසී) ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි පත් කර තිබේ. මීට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ හිටපු ඉන්දීය දඟපන්දු යවන්නෙකු වන අනිල් කුම්බ්ලේය.

2012 වසරේදී එම ධුරයට පත්වූ අනිල් කුම්බ්ලේ වසර 03 බැගින් යුත් ධූර කාල 03ක් එම තනතුරේ කටයුතු කළ අතර, ඒ අනුව ඔහු තීරණය කර තිබුණේ එම ධුරයෙන් ඉල්ලා අස්වීමටයි.

අයිසීසී ක්‍රිකට් කමිටුවට ශ්‍රී ලංකාවෙන් මහේල ජයවර්ධන සහ අයිසීසී තරග තීරක ප්‍රධානී රංජන් මඩුගල්ල එක්ව සිටිති.