පොදු ආදාහනගාර භූමියේ මැණික් හාරලා

පැල්මඩුල්ල පොදු ආදාහනගාර භූමියේ පිහිටි ළිඳේ ජලය යන්ත්‍රයක් දමා හිස්කරමින් අනවසර මැණික් පතල් කැණිමක් සිදු කරගෙන යන බවට ලද පැමිණිල්ලක් මත පැල්මඩුල්ල පොලිසිය විසින් වැටලිමක් සිදුකර තිබේ. ඒ අනුව එහිදී වැටලිම සිදු කරන විට පතල්කරුවන් පළා ගොස් ඇති අතර මැණික් පතල් කැණිම සදහා මෙම ළිදේ ජලය හිස්කිරිමට භාවිතා කළ ජල මෝටරයක් ,පතල් කැණිමට යොදා ගත් උපකරණ කිපයක්ද අත් අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව ප්‍රාදේශීය සභාවට අයත් ඉණිමගක්ද මෙම ස්ථානයෙන් යොදාගෙන තිබේ.
මැණික් පතල් කැණිම සදහා භාවිතා කළ සමහර උපකරණ පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවට අයත් බවට ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනකු පැල්මඩුල්ල පොලිසියට පැමිණිලි කර ඇත. මැණික් ඉල්ලිම්පුරවා ඇතැයි ව්ශ්වාස කෙරෙන උර තොගයක් ද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.