තමන්ගේම ලොරියට යටවී රියැදුරා මරුට

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ ගල් පැටවූ ටිපර් රථය නතර කර තිබිය දී ඉබේ ධාවනය වී කැබ්රථයක හැපීමෙන් වාහනයේ ඉදිරිපිට සිටි එම ලොරිරථයේ රියදුරා මරණයට පත් වී ඇති බව බළන්ගොඩ පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ 58 හැවිරිදි නිමල් ජයසිංහ නැමැති මොරහැල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.