සෞඛ්‍ය වෘත්තියවේදීන් අද සිට වැඩ නවත්වයි

සෞඛ්‍ය වෘත්තීයවේදී සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කිරීම හා වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් 07 ක් මුල් කර ගනිමින් අද (07) උදෑසන 7.00 සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනය පවසයි.

එම සම්මේලනයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ හෙද හෙදියන්,වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්, ඖෂධවේදින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු අංශ ගණනාවක සේවකයන් මෙම අඛණ්ඩ වැඩ වර්ජනයට එක්වන බවයි.
තවද එකී ඉල්ලීම් දෙකට අමතරව සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ විශේෂ රාජකාරී දීමනාව රු. 10,000/- ක් ලෙස ඉහළ දැමීම, ගුරු වැටුප් විෂමතාවය පමණක් ඉවත් කිරීම හේතුවෙන් ඇතිවූ සමාන්තර වැටුප් විෂමතාවය ඉවත් කිරීම, සියලු සෞඛ්‍ය වෘත්තිකයන් නියෝජනය වන “සෞඛ්‍ය පරිපාලන සේවය”
ස්ථාපිත කිරීම, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට උද්ගතවී ඇති ගැටලු සඳහා විසඳුම් ලබා දීම ප්‍රමාද වීම ඇතුළු ඉල්ලිම් කිහිපයක්ද මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවකයන් මෙසේ දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකිරිමට තීරණය කර තිබෙන බව පැවැසේ.                                                                                                                   කෙසේ වෙතත් මෙම වැඩවර්ජනය සිදුකරන කාලය තුළ මාතෘ හා ළමා රෝහල්, පිළිකා, වකුගඩු රෝග සඳහා ප්‍රතිකාර කරන රෝහලේ, මධ්‍යම ලේ බැංකුව ආදී සෞඛ්‍ය ආයතන තුළ වැඩවර්ජනය ක්‍රියාත්මක නොකරන බවද සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනය වැඩිදුරටත් සඳහන් කරයි.