වැඩ බැරි නම් පුළුවන් කෙනෙකුට දීල යන්න – බංකුව උඩ ඉන්න සුසිල් ගෙන් දෝස්මුරයක්

මෙරටට තිබූ විදෙස් ආක්‍රමණ හමුවේදීවත් කෘෂිකර්මාන්තයට මෙවැනි හානියක් සිදුනොවූ බවත් රට
කරන්න බැරි අය අයින් වෙලා පුළුවන් අයට බාර දෙන ලෙසත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත
මහතා පවසා ඇත.

ඊයේ (02) දෙල්කඳ පොළෙන් එළවළු මිලදී ගැනීමට පැමිණ සිටි අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න
වලට පිළිතුරු ‍දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කර ඇත.

වෙළෙඳ හා කෘෂිකර්ම ඇමතිකම් දරණ අය බඩු මිල පාලනය කිරීම සඳහා වගකිව යුතු බවද සඳහන්
කර ඇති ප්‍රේමජයන්ත මහතා, පොහොර නැති කළාම ගොවියෝ ඵලදාව ලබා ගන්නේ කෙසේ දැයි
ප්‍රශ්න කර ඇති අතර කරන්නට බැරි දේවල් කරන්න ගොස් රටම අමාරුවේ දමා ඇතැයිද පවසා ඇත.
වැරැදි තීන්දු ගත්ත අය මේ සඳහා වගකිව යුතු යැයිද වැඩිදුරටක් කියා සිටි රාජ්‍ය ඇමැතිවරයා .
” කෘෂිකර්ම ඇමති තුමා ෆේල්. කිසිදාක අපේ කෘෂිකර්මයට මෙහෙම හානියක් වුණේ නැහැ. මේක
අපේ ආණ්ඩු වුණාට අපි තීන්දු ගන්න තැන්වල නැහැ. අපි බංකුවක් උඩ තියලා තියෙන්නේ. හරි තීරණ
ගන්න තිබුණා කාලෙ දැන් පැනලා දැන් ඉතින් වෙන කට්ටියකට ඇවිල්ල තමයි හරි තීන්දු ගන්න
වෙන්නේ. ” යනුවෙන්ද පවසා ඇත.