මිලියන ගණනින් තෑගි ලැබුන වොයිස් කිරුළ හරිත් විජේරත්නට

සිරස නාලිකාව ඔස්සේ පවත්වනු ලැබූ ද වොයිස් ශ්‍රී ලංකා කිරුළ දිනා ගැනීමට හරිත් විජේරත්න සමත් විය. ඔහු වැඩිම ප්‍රේක්ෂක මනාපයක් දිනා ගනිමින් ශූරතාව දිනා ගනිද්දී මිලියන ගණනින් ත්‍යාග ලැබීමටද වාසනාවන්ත විය.
අවසන් මහා තරගයට පිවිසි මියුරු සෝමරත්න, තිළිණ සුදේශ්, ජූලියස් මිචෙල් සමග තරග වදිමින් හරිත් විජේරත්න ජයග්‍රහණය කිරීම සුවිශේෂී වෙයි.