ඇමරිකානු ඉතිහාසයේ දරුණුතම කුණාටුව – මරණ 100 ත් පණියි


ඇමරිකානු ඉතිහාසයේ දරුණුතම සහ විශාලතම කුණාටුව පැමිණ ඇති අතර එහි දරුනුම අනතුරු කෙන්ටකි ප්‍රාන්තයට සිදුව තිබේ. මෙම කුණාටුවෙන් 100 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි මේ වන විට අනාවරණය කරගෙන තිබේ.
ඇමරිකානු ජනාධිපති ජො බයිඩන් පවසන්නේද මෙය ඇමරිකානු ඉතිහාසයේ දරුණුතම කුණාටුව බවයි. ඔහු යුහුසුලුව ක්‍රියාත්මක වෙමින් විපතට පත්වූවන්ට අරමුදල් නිකුත් කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඉකුත් සිකුරාදා රාත්‍රියේ මෙම කුණාටුව පැමිණ ඇති අතර විශාල ගොඩනැගිලිද මෙම කුණාටුවෙන් විනාශවී තිබේ.

බීබීසි අනුග්‍රහයෙන්

https://www.bbc.com/news/world-us-canada-59623970