2021 බර ඉසිලිමේ ලෝක ශුරතාවලියේදි නදිෂානි හා චින්තක ගෙන් ලෝකඩ පදක්කම්

පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් 74 ක සහභාගීත්වයෙන් මේ මස 7දා සිට 17දා දක්වා උස්බෙකිස්තානයේදී
පැවැත්වෙන බර ඉසිලිමේ ලෝක ශුරතා තරගාවලියේදි කාන්තා කිලෝග්‍රැම් 59 බර පංතියෙන් තරග වැදුණ
ශ්‍රී ලංකාවේ නදිෂානි රාජපක්ෂ සහ පිරිමි කිලෝ ග්‍රෑම් 81 බර පංතියෙන් තරග කළ චින්තන ගීතාල්
විදානගේ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.

ලබන වසරේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක්
ලෙසද සැළැකෙන මෙම බර ඉසිලීමේ ලෝක ශූරතාවලියේදී චින්තන විදානගේ තම ඉසව්වේදි ස්නැච්
ක්‍රමයට කිලෝග්‍රෑම් 134 ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රැම් 166 ක බරක් ඔසවමින් සමස්ත බර
ලෙස කිලෝ ග්‍රෑම් 300 ක් ඔසවා දක්ෂතා දක්වමින් මෙසේ ලෝකඩ පදක්කමට හිමිකම් ලබා ඇත. තවද
ඔහුගේ ඉසව්ව ඒ, බී හා සී යන කාණ්ඩ තුනක් යටතේ පැවැති අතර එහි අවසන් ප්‍රතිඵලය නිකුත් වූයේ
ඊයේ (12දා) දිනයේදීය. එසේම නදිශානි තම ඉසව්වේදි ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 74 ක් සහ ක්ලීන් ඇන්ඩ්
ජර්ක් ක්‍රමයට කිලෝග්‍රැම් 90 ක බරක් ඔසවමින් සමස්ත බර ලෙස කිලෝ ග්‍රෑම් 164 ක් ඔසවා දක්ෂතා
දැක්වූවාය.
ඒ අනුව චින්තන ගීතාල් විදානගේට එළැඹෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලටද සහභාගී විමේ
වරම් හිමිවන අතර මෙම තරගාවලියේදී මෙතෙක් පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු
දෙනාටමද එම අවස්ථාව හිමිවන බව ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ සහකාර ලේකම්වරයා මෙන්ම
මෙම කණ්ඩායමේ කළමනාකරු ලෙසද කටයුතු කරන චමින්ද රත්නායක මහතා “srilankantimes.com”
වෙත පැවැසීය.

මේ අතර අද පැවැත්වෙන තරග වලදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 71 බරපංතිය යට‍තේ
ඩී.ටී.ගූරුගම ක්‍රීඩිකාවත් කිලෝ ග්‍රෑම් 96 බර පංතිය යටතේ පීටර්ස් ශානක මධුෂංක ක්‍රීඩකයාත් තරග වැදීමට
නියමිතය‍