එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලිය – 2021 ජැෆ්නා කිංස් ඉදිරියට. කොළඹ තරු යළි පායයි.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ (එල්පීඑල්) ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඊයේ
දිනය (12දා) අවසන් වන විට ජැෆ්නා කිංස් (Jaffna Kings) කණ්ඩායම සමත් වූයේ කැන්ඩි වොරියර්ස්
(Kandy Warriors) ට එරෙහිව කඩුලු 7ක ජයග්‍රහණයක්ද වාර්තා කිරීමත් සමඟය. ඒ අනුව
ඔවුන් දැනට රඳවා ගෙන ඇති ශුද්ධ ලකුණු වේගය +1.747 කි.

ඊයේ පැවැති අනෙක් තරගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් (Galle Gliators) කණ්ඩායම පරදා ලකුණු 41ක
ජයක් ලැබීමට කළම්බු ස්ටාර්ස් (Colombo Stars) කණ්ඩායම සමත් වීමෙන් ඔවුන්ගේ 2වැනි ජයග්‍රහණය වාර්තා කළේය. අබාධයකට ලක්ව සිටින කළම්බු නායක ඇන්ජිලෝ මැතිව්ස් එහිදී තම ප්‍රථම තරගයට
සහභාගී වෙමින් පන්දු 57කින් ලකුණු 73ක් ලබා ගැනීමද කැපී පෙනුනි.
ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු 4 ක් ලබාගනිමින් පියවරක් ඉදිරියට පැමිණි අතර දැනට රඳවා ගෙනඇති
ශුද්ධ ලකුණු වේගය -0.532කි.

ලකුණු සටහනේ 2වැනි ස්ථානයේ සිටින දඹුල්ල ජයන්ට්ස් (Dambulla Giants) කණ්ඩායම සහභාගී වූ තරග
5න් 3ක් ජයග්‍රහණය කරමින් (එක් තරගයක් වැස්ස හේතුවෙන් විසඳුමකින් තොරව) ප්‍රසාද ලකුණු 7 ක්
සමඟ ශුද්ධ ලකුණු වේගය -0.336 ක් රඳවාගෙන සිටින අතර ලකුණු සටහනේ 3වැනි ස්ථානයේ පසුවන්නේ
ගෝල් ග්ලැඩියේටර්ස් (Galle Gliators) කණ්ඩායමයි. ඔවුන් තරග 6කින් 2ක් පමණක් (එක් තරගයක්
වැස්ස හේතුවෙන් විසඳුමකින් තොරව) ජයගෙන -0.106ක ශුද්ධ ලකුණු වේගයක් රඳවාගෙන ඇත.
කළම්බු ස්ටාර්ස් (Colombo Stars) කණ්ඩායම සිව්වැනි ස්ථානයේත් තරග 5න් 1ක් පමණක් ජයගත් කැන්ඩි
වොරියර්ස් (Kandy Warriors) කණ්ඩායම ප්‍රසාද ලකුණු 2ක් සහ ශුද්ධ ලකුණු වේගය -0.496 ක් සමඟින්
5වැනි ස්ථානයේත් පසුවෙයි.
තරගාවලියේ 14වැනි තරගය ලෙස ජැෆ්නා කිංස් (Jaffna Kings) හා දඹුල්ල ජයන්ට්ස් (Dambulla Giants)
යන කණ්ඩායම් අද රාත්‍රී 7.30 ට හමුවීමට නියමිතය.