මේ වන විට ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශ මෙන්න

මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස්බල ප්‍රදේශ 14කට වහාම ක්‍රියාත්මකවන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ. ඒ අනුව ගම්පහ පොලිස් බල ප්‍රදේශය, කිරිඳිවැල පොලිස් බල ප්‍රදේශය, දොම්පේ පොලිස් බල ප්‍රදේශය, පූගොඩ පොලිස් බල ප්‍රදේශය, ගණේමුල්ල පොලිස් බල ප්‍රදේශය, වීරඟුල පොලිස් බල ප්‍රදේශය, වැලිවේරිය පොලිස් බල ප්‍රදේශය, මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශය, නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශය, මීරිගම පොලිස් බල ප්‍රදේශය, පල්ලේවෙල පොලිස් බල ප්‍රදේශය, යක්කල පොලිස් බල ප්‍රදේශය සහ කැළණිය පොලිස් කොට්ඨාසයේ කඳාන, ජා ඇල පොලිස් බල ප්‍රදේශවලටත් මීගමුව පොලිස් කොට්ඨාසයේ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයටත් මෙම නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.