මධ්‍යම ආසියනු වොලිබෝල් ශූරයින් යළිත් මව්බිමට

පසුගිය දා නිමාවට පත්වූ මධ්‍යම ආසියනු වොලිබෝල් තරග මාලාවේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වූයේ සත්කාරක බංග්ලාදේශය වට 3/0 කින් පරාජයට පත් කරමිනි. ශ්‍රී ලංකාව ජයගත්තේ ලකුණු 28/26, 25/20, 25/20 ක් පරිදිය. එහිදී විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාව තරගාවලිය අපරාජිතව ජය ගැනීමට සමත් වීමයි.

බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවති තරග මාලාවේ කාන්තා තෙවැනි ස්ථානය වට 3/0 ක් (26/24, 25/16, 25/22) ලෙස හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූයේ කිරිකිස්ථානය පරාජයට පත් කරමිනි.

තරගාවලිය සාර්ථක ලෙස නිම කිරීමෙන් පසුව ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම් කටුනායක ගුවන් තොටුපොලින් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතා ඇතුළු වොලිබෝල් සම්මේලනයේ නිලධාරීන් විසින් කණ්ඩායම් පිළිගන්නා ලද අයුරු ඡායාරූප වලින් දැක්වෙති.