ලෝකයටම එන සුනාමිය ඔමික්‍රොන් සහ ඩෙල්ටා –  WHO අධ්‍යක්ෂ ජනරාල් කියයි

  • චීනයෙන් සොයා නොගත් වෛසරයක් රෝගීන් 27 දෙනෙකුට

වත්මන් ලෝක සෞඛ්‍ය අනූව ඉදිරියේදී ඔමික්‍රොන් සහ ඩෙල්ටා ප්‍රභේදයන් ලෝක සුනාමියක් නිර්මාණය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇදනම් මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා සිටියේය.
“ඩෙල්ටා සහ ඔමික්‍රොන් දැන් ද්විත්ව තර්ජන බවට පත්ව තියෙනවා. එය වාර්තාගත අන්දමින් ඉහළ යමින් තියෙනවා. රෝහල්වල මරණ ඉහළ යෑම වඩාත් වැඩි වෙලා. මේක සුනාමි ව්‍යසනයක් වගේ වීමෙන් මම දැඩි ලෙස කනස්සල්ලට පත්වෙනවා.” යැයි ටෙඩ්රොස් මහතා පවසා සිටියේය.
මේ අතර චීනයේ වූහාන් නුවරින් කිසිවකු නොදන්න වෛරස් නියුමෝනියා රෝගීන් 27 දෙනෙකු සොයා ගත් බවද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි.