අවම බස් ගාස්තුව රු.17 දක්වා ඉහළට – 5 වැනිදා සිට ක්‍රියාත්මකයි

ඉන්ධන මිල ඉහළ යෑමත් සමග ලබන 2022 වසරේ ජනවාරි 5 වැනිදා සිට බස් ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනූව අවම බස් ගාස්තුව රුපියල් 17 දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශ අදාළ සීමාවන් වලට අනුමැතිය ලබාදී ඇති අතර ඉන්ධන මිල අඩු වූ විට බස් ගාස්තු අඩු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කර සිටියි.