ශ්‍රී ලංකා ක්‍රිකට් නීතිඥයෝ ක්‍රීඩා පනතේ නව නියෝගවලින් මුදල් හම්බ කිරීමට සැරසෙති?

1973 අංක 25 දරන ක්‍රීඩා පනතට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එක්කර ඇති නව නියෝග සහ රෙගුලාසි විවේචනය කරමින් ඊට අදාලව ක්‍රීඩා සංගම් කිහිපයක් නඩු මගට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීතිඥයෝ දෙපළක් සැරසෙන බව srilankantimes.com වෙත වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡවක් පසුගිය දිනක ක්‍රිකට් විධායක කමිටුව රැස් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පවත්වා ඇත. ඒ සඳහා වන සියලු වාර්තා අපසතු වන අතර ඉදිරියේදී එම තොරතුරු ඉදිරිපත් කිරීමට අප සූදානම්.

ඔවුන්ගේ මූලික අභිප්‍රාය වී ඇත්තේ කෙසේ හෝ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව නඩුවක් ගොනු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මුදල් ලබා ගැනීමයි. මීට පෙරද මේ ආකාරයෙන් නොයෙකුත් ආකාරයේ නඩු විවිධ පුද්ගලයින්ට දමමින් රු. ලක්ෂ ගණනින් සහ කෝටිගණන් හම්බ කිරීමට මෙම නීතිඥයින් පියවර ගෙන තිබේ. ඒ සඳහා වන සියලු exco වාර්තා ඔවුන්ගේ නමින්ම අපසතු වේ.

මෙරට ක්‍රීඩාව දියුණු කරනු වස් සහ මෙරට ක්‍රීඩාව වංචනිකයින්ගෙන් සහ දුශිතයින්ගෙන් ආරක්ෂා කරගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා නොබියව මෙම නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කළ අතර, ඔහු සැලකෙන්නේ ඉතිහාසයේ එවැනි වීරෝධාර තීන්දුවක් ගත් පළමු ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසයි. එහෙයින් අමාත්‍යවරයාට එරෙහිව දුෂිත ක්‍රීඩා සංගම් එකතු කරගනිමින් ක්‍රිකට් ආයතනයේ මෙම නීතිඥයින් නඩු දැමීමටත් එමගින් ක්‍රිකට් ආයතනයෙන් විශාල මුදලක් හම්බ කරගැනීමටත් ඔවුහු සැරසෙති.

ගරු ක්‍රීඩා අමාත්‍යතුමනි ! ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ ආකාරයෙන් මහජන මුදල් හිතුමතේට අමාත්‍යවරයාට එරෙහිව නඩු දැමීමට වියදම් කිරීම සම්බන්ධයෙන් වහාම තීරණයක් ගන්නා ලෙස ඉල්ලා සිටිමි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත් කර වහාම මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ක්‍රිකට් ආයතනයේම ඉහල පිරිස් ඉල්ලා සිටිති.