තෙල් ලැබුණොත් අදත් හෙටත් විදුලිය කැපිල්ලක් නැහැයිලු

ඊයේ (24) පස්වරුව වනවිට දැවි තෙල් මෙට්‍රික් ටොන් 100ක් ලැබීමත් සමග විදුලි කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට හැකිවූ බව පවසන ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ අවශ්‍ය පරිදි ඉන්ධන තොග ලැබුණහොත් අද (25) සහ හෙට (26) දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරී‍මේ අවශ්‍යතාවක් නොමැති බවයි.
විදුලිය කැපීම සම්බන්ධව සැළැසුමක් තිබුණද ප්‍රමාණවත් තරම් ඉන්ධන ලැබීමත් සමග එම සැලසුම් කර තිබූ විදුලි කප්පාදුව සිදුනොකළ බව ලංකා විදුලි ඉංජිනේරු සංගමයද තහවුරු කළේය. පවතින තත්ත්වය හමුවේ ඉදිරි දින කිහිපය ද විදුලි කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට හැකියාව පවතින බවද ලංකා විදුලි ඉංජිනේරු සංගමය තවදුරටත් ප්‍රකාශකර සිටී.
නමුත් ඊයේ රාත්‍රියේදීද පැය භාගයකට ආසන්න කාලයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි විසන්ධි වීම් සිදු වූ බවට වාර්තා වූ අතර මේ සම්බන්ධයෙන් ලංකා විදුලි ඉංජිනේරු සංගමයේ අදහස වූයේ පෙර සැලසුම් කරතිබූ විදුලි කප්පාදුව නිසා ඇතැම් ප්‍රදේශවල විදුලි විසන්ධි කිරීමක් සිදුව ඇති බවය.