ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවෙන් මහානාම ඉල්ලා අස්වෙයි.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක රොෂාන් මහානාම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ.

2022 ජනවාරි 21 සිට බලපැවැත්වෙන පරිදි තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු නොකිරීමට තීරණය කළ බවට එම ඉල්ලා අස්වීමේ සඳහන් වන අතර අප කළ විමසීමකදී රොෂාන් මහානාම මහතා සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත එම තීරණය ගත් බවය.

දේශීය හා ජාත්‍යන්තර මට්ටමෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සමීපව කටයුතු කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගිය වසරේ පෙබරවාරි මාසයේ එම සිව් පුද්ගල තාක්ෂණ්ක උපදේශක කමිටුව පත් කරන ලදී. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන අරවින්ද ද සිල්වා (සභාපති), මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර යන මහත්වරුන් ගෙන් මෙම කමිටුවට සමන්විත විය .