ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය නිසා දිනකට රොගීන් 800 සීමාව පනී

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් කොඩිඩ් රෝගීන් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යාමත් සමඟ රෝහල් ගතවීම් සියයට 10 කින් ඉහළ ගොස් ඇති අතර ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව සියයට අටකින් වැඩි වී තිබේ.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බලධාරීන් පවසන පරිදි කොවිඩ්-19 රෝගීන් 5,300-5,400 සංඛ්‍යාවක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබති.
මෙය මුළු ඇඳන් ධාරිතාවෙන් සියයට 40ක් ආවරණය කරන ප්‍රමාණයක් බවද පැවැසේ. දැනට රෝහල්වල තදබදයක් නැතත්, සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ බූස්ටර එන්නත් ජනතාව විසින් නොසලකා හැරියහොත් අනාගතයේදී ක්‍රියාකාරී රෝගීන් පෙර නොවූ විරූ ආකාරයෙන් ඉහළ යා හැකි බවද සෞඛ්‍ය අංශ අවධාරණය කරති.
එබැවින් මුහුණු ආවරණයක් පැළඳ සිටින ලෙසත් සුදුසුකම් ඇති අය හැකි ඉක්මනින් බූස්ටර මාත්‍රාව ලබා ගන්නා ලෙසත් සෞඛ්‍ය බලධාරීන් සැමගෙන් ඉල්ලා සිටී.
මේ අතර, ගෘහ මූලික ප්‍රතිකාර වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන කියා සිටියේ නිවෙස් පදනම් කරගත් ප්‍රතිකාර යටතේද කොඩිඩ් රෝගීන්ගේ තියුනු වැඩිවීමක් තම දැක ගත හැකිවී ඇති බවයි. නිවසේ පාදක සත්කාර යටතේ සිටින මුළු රෝගීන් සංඛ්‍යාව 3,347 ක් පමණ වන අතර එය පෙර සංඛ්‍යාවට සාපේක්ෂව සැලකිය යුතු සංඛ්‍යාවක් බවද ඇය පැවසුවාය.

ජනවාරි 19 වැනිදාට පෙර දෛනික රෝගීන් සංඛ්‍යාව 450 සිට 670 දක්වා පරාසයක පැවතුණද ජනවාරි 19 වැනිදා සිට අඛණ්ඩව පස්වැනි දිනටත් දෛනික රෝගීන් සංඛ්‍යාව 800 සීමාව ඉක්මවා ගොස් ඇති බවද පැවැසේ. එසේ රෝගීන් සංඛ්‍යාව වැඩිව තිබියදීත් කොඩිඩ් මරණ සංඛ්‍යාව දිනකට 20ක් වැනි අවම මට්ටමක පවතින බවද සඳහන්ය.