ඉන්දියාවේ දින 7ක ශෝක කාලයක් ප්‍රකාශ කෙරේ

ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබි මුකර්ජි මහතාගේ අභාවය හේතුවෙන් දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.
දිල්ලි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (31 වැනිදා) ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මියගිය අතර මියයන විට ඔහු 84 වන වියෙහි පසු විය.