ඉන්දියානු ෆීල්ඩ් මාෂල් හෙළිකොප්ටරයෙන් වැටී මිය යයි

ඉන්දියනු සමස්ත හමුදාවේ ප්‍රධානියා වන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් බීපින් රාවට් රැගත්
හෙළිකොප්ටරය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේදී කඩා වැටී තිබේ. අදාළ අනතුරෙන් ඉන්දියානු ෆීල්ඩ් මාෂල් සහ ඔහුගේ බිරිඳද මිය ගොස් ඇතැයි වාර්තා වේ.
ජෙනරල් රාවට් ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු 14 දෙනකු මෙම හෙලිකොප්ටරයේ ගමන් ගෙන
තිබේ. අනතුරට පත්වූ ස්ථානයේ සිට මළ සිරුරු හතරක් සොයා ගෙන ඇති අතර තවත් සිව්දෙනකු
තුවාල ලබා ඇති බවත් ඔවුන්ගේ තත්ත්වය සම්බන්ධවද නිෂ්චිත තොරතුරක් පැවසිය නොහැකි බවත්
ඉන්දියානු වාර්තා පෙන්වා දෙයි.
හෙලිකොප්ටරය අනතුරට පත්වූ ස්ථානයේ විශාල ගින්නක් හටගෙන ඇති අතර එයින් පිටවන අධික
දුමාරය ප්‍රදේශය පුරා පැතිර යමින් තිබේ. ගින්න මැඩ පැවැත්වීමට ප්‍රදේශවාසීන් ඉදිරිපත්ව තිබේ.
අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඉන්දියානු හමුදා පවසයි. කෙසේ වෙතත් 63
හැවිරිදි ජෙනරාල් රාවට් 2019 වසරේදී ඉන්දාවේ පළමු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වශයෙන්
පත්වීම් ලැබීය. මෙම අනතුරේ සියලු තොරතුරු ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතාටද
දැනුම් දී තිබේ.
මෙලෙස කඩා වැටී ඇත්තේ එම්අයි 17 වී 5 යන හෙලිකොප්ටරය වේ.