ස්වේච්ඡා සේවයේ විශිෂ්ඨයන් ඇගයූ ‘UNV 50 Country Awards’ උළෙලේදී. ජීවිතයට එක් වරක් පිරිනැමෙන ස්වර්ණ සම්මානය’ ආචාර්ය A. T. ආරියරත්නට.

එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සේවක (UNV) ස්වර්ණ ජයන්ති සැමරුම් උළෙලට සමගාමීව සංවිධානය
කරන ලද ‘UNV 50 Country Awards’ උත්සවය ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ
මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (7) දින පැවැත්විණි.
උත්සවයේ දී ‘ජීවිතයට එක් වරක් පිරිනැමෙන ස්වර්ණ සම්මානය’ (Lifetime Achievement Golden
Award ) ආචාර්ය A. T. ආරියරත්න මහතා වෙත පිරිනැමුණු අතර ‘ස්වේච්ඡා සේවයේ විශිෂ්ඨත්වය’
(Volunteering Excellence) සම්මාන රොෂාන් මහානාම සහ කුෂිල් ගුණසේකර යන මහත්වරුන්
වෙත පිරිනැමිණි.