ඉන්දියාවේ ආරක්‍ෂක ලේකම්ටත් කොරෝනා

ඉන්දියානු ආරක්ෂක ලේකම් අජේ කුමාර් මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
කොරෝනා වෛරසය ආසාදනය වූ ඉහළම ඉන්දීය රාජ්‍ය නිලධාරියා ඔහුය.
ඊයේ දිනයේ පමණක් ඉන්දියාවෙන් කොරෝනා රෝගීන් 9000ක් වාර්තාවී ඇති අතර එරට මුළු රෝගීන් ප්‍රමාණය දෙලක්ෂය ඉක්මවා ගොස් තිබේ.
කොරෝනා නිසා මියගිය පිරිස හයදහස ඉකමවා ඇත.
මේ අතර සමස්ත ගෝලීය නව කොරෝනා ආසාදිතයන් සංඛයාව මේ වන විට හැටපන්ලක්ෂ හැට හත්දහස ඉක්මවා ගොස් තිබේ.
වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූ හත්දහසකට අධිකය.
ගත වූ පැය 24 තුළත් ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. එම සංඛ්‍යාව 1,269කි. එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 32,568කි. බ්‍රසීලයෙන් ආසාදිතයන් පන්ලක්‍ෂ අසූ හතර දහස් පන්සිය හැට දෙදෙනකු හඳුනාගෙන තිබේ.
කෙසේ වෙතත් තවමත් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ අමෙරිකාවෙනි.