ආදායම් බදු නොගෙවූ අයට කැබිනට් තීරණයක්

‘කොවිඞ්-19’ වසංගතය නිසා රට වසා තිබූ කාලයේ ආදායම් බදු නොගෙවූ අයගෙන් කිසිදු දඩ මුදලක් අය නොකිරීමට ජනාධිපතිවරයා කැබිනට් අනුමැතිය ලබාදුන් බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (4 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ පිළිබඳ කියා සිටයේය. බව පැවැසූ ඇමැතිවරයා ඒ අනුව 2020 ජුනි මස 20 වැනිදා දක්වා ආදායම් බදු සම්බන්ධයෙන් දඩ මුදලක් අය නොකෙරෙන බව ද පැවසීය.