අලි මරණ ගැන අතුරු වාර්තාවක්

හබරණ – හිරිවඩුන්න -තුම්බිකුලම රක්ෂිතයේ දී ඇතින්නියන් 6 දෙනෙකු සහ වන අලියකු අස්වාභාවික ලෙස මිය යාම සිද්ධිය විෂ රසායනිකයක් ශරීර ගත වීමෙන් සිදු වන්නට ඇති බවට සැක කෙරෙන බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර පවසනවා.

කොලඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළ අතර ඊට වනජීවී අමාත්‍ය ජෝන් අමරතුංග ද එක්ව සිටියා.