ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ජපානය ඉවත් කර ගනියි

මාස 02කට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 06ක සංචාරකයින් සඳහා ජපානයට ඇතුළ වීම තහනම් කරමින් පනවා තිබූ සංචාරක තහනම ඉවත් කිරීමට ජපාන රජය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවට අමතරව ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය රටවලට ද පනවා තිබූ එම සංචාරක තහනම ඉවත් කර ඇත.

අදාළ රටවල කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය වීම හේතුවෙන් ජපාන රජය මෙම පියවරගෙන තිබේ.