එජාප නායකත්වය භාර ගන්න කරු සූදානම්

වර්තාමානයේ ඇති වී තිබෙන ව්‍යාකූල තත්ත්වය සහ බොහෝ පර්ශ්වයන් කමන්ගෙන් කළ ඉල්ලීම් සලකා බලා පක්ෂයේත් ශ්‍රී ලංකාවේත් අභිවෘද්ධිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගයට තමන් සූදානම් බව හිටපු කතානායක කරූ ජයසූරිය මහතා කියා සිටී.
අද (24 වැනිදා) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ පිළිබඳව දන්වා තිබේ.
තමන්ගේ මෙම තීරණය පිළිබඳ පක්ෂයේ වර්ථමාන නායකත්වයටද දැනුම් දුන් බව එම නිවේදනයේ සඳහන් වේ.