රටේ වෙනසක් ඉල්ලා උද්ඝෝෂණ කරන්නන්ට මුරලිදරන් කොකා පෙන්වයි

ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය සහ රොෂාන් මහානාම ඇතුළු ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් බහුතරයක් මෙරට වත්මන් පාලක ආන්ඩුවට එරෙහිව පවතින මහජන විරෝධතාවලට විවෘතව සහය පළ කරද්දී ,
හිටපු තවත් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක පිට දඟ පන්දු යවන්නෙකු වූ මුත්තයියා මුරලිදරන් පවසන්නේ උද්ඝෝෂන මගින් කිසිදු දෙයක් සිදුනොවන බැවින් ඔවුන්ගේ එම ක්‍රියාවන් නතර කරන ලෙසයි.
මුරලිදරන් මේ බව පවසා ඇත්තේ නිවිස්එක්ස් (NewsX)නම් මාධ්‍ය ආයතනය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී බව ‘ක්‍රිකට්ඒජ්’ වෙබ්අඩවිය වාර්තා කරයි.
මිලියන 22 ක ජනතාවක් වෙසෙන දිවයින මුහුණ පා ඇති ගැඹුරු ආර්ථික අර්බුදයට අදාළව ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරනා ආකාරය සම්බන්ධයෙන් ඇති වූ කෝපය පසුගිය බ්‍රහස්පතින්දා අගභාගයේදී ප්‍රචණ්ඩත්වය දක්වා පැතිර ගිය අතර, විරෝධතාකරුවන් සියගණනක් පැය කිහිපයක් පොලිසිය සමඟ ගැටුම් ඇති
කර ගත්හ.
විදේශ මුදල් වල උග්‍ර හිඟයක් හේතුවෙන් රාජපක්ෂගේ රජයට ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය ආනයන සඳහා ගෙවීමට
නොහැකි වී ඇති අතර, එය පැය 13ක් දක්වා බලපැවැත්වෙන විදුලිය විසන්ධි කිරීමටද හේතු විය. ණය වැඩසටහනක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කිරීමට පෙර පසුගිය මාසයේදී රට සිය මුදල් ඒකකය දැඩි ලෙස අවප්‍රමාණය කිරීමෙන් පසු සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන් ද හිඟ හා උද්ධමනය සමඟ කටයුතු කරයි.
කෙසේ වෙතත් මුරලිදරන් සිතන්නේ වෙනත් ආකාරයකටය, යනුවෙන් එම වෙබ්අඩවිය වැඩිදුරටත් වාර්තා කරයි.
“මේ මොහොතේ අපි සන්සුන් විය යුතුයි, අපි පණිවිඩය ලබා දී තිබෙනවා, රජය දැන් ක්‍රියාමාර්ග ගත යුතුයි,
විරෝධතා දිගටම කරගෙන යන්න, ඉන් කිසිවක් සිදු නොවනු ඇත, එය සංචාරක ව්‍යාපාරයට බලපානු ඇත,”
යන්වෙන් මුරතිදරන් NewsX සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී තවදුරටත් පවසා ඇත.
මුරලි සැලකෙන්නේ රාජපක්ෂලාගේ හිතවත් ආධාරකරුවෙකු ලෙසය. ඔහු මෑතක් වන තුරුම කුමාර් සංගක්කාර සහ අරවින්ද ද සිල්වා සමඟ ඊනියා ක්‍රිකට් උපදේශක කමිටුවක වාඩි වී සිටියේ එවකට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ආශිර්වාදය ඇතිවය. 2020 දී, ඔහුගේ සොහොයුරා වන මුත්තයියා ප්‍රභාකරන් (එතනෝල් වෙළෙන්දෙකු) රාජපක්ෂලාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කළ නමුත්, පක්ෂයේ විශිෂ්ට ජයග්‍රහණයක් මධ්‍යයේ වුවද, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු අසුන දිනා ගැනීමට ඔහු අපොහොසත් විය.
2019 දෙසැම්බරයේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට මුත්තයියා මුරලිදරන් ප්‍රකාශ කර තිබුණේ ”අපේ රටට නායකත්වය දීමට සුදුසු පුද්ගලයා ඔහු නිසා මම ජනාධිපති රාජපක්ෂට සහය දෙනවා.” යනුවෙනි.