පාවඩ රැලි පිළිවෙළකට තබා ශ‍්‍රී දළඳා සමිඳුන් වැඩමවූ ඇත් රජු

ඒ, දළදා මාළිගාවේ වාහල්කඩ සිට සඳකඩ පහණ (සඳගලට) බසින පඩි පෙළ දිගේ එළා තිබුණු සුදු පාවඩය ඇතා විසින්ම ඉතා පිළිවෙළට සකස් කරමින් ඒ මතින් බැසීමය.

රාජා තම හොඬය හා ඉදිරි පාද ආධාරයෙන් පඩි පෙළ දෙකකදී දෙවතාවක්ම මෙලෙස පාවාඩය පිළිවෙළට සකස් කරමින් සඳගල දක්වා බැස ආවේය.