ජනගහනයෙන් සියයට 60කට කොවිඩ් එන්නත දෙනවා – ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

මෙරට ජනගහනයෙන් මිලියන 9කට අවශ්‍ය ,ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා, එන්නත් මිලදී ගැනීමට කටයුතු කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටී. ඒ අනුව අවුරුදු 60ට වැඩි ජනතාවට එන්නත ලබාදෙන අතරම අවුරුදු 30 සිට 60 දක්වා ජනගහනයටත් එම එන්නත ලබාදීමට රජය තීරණය කර ඇති බවබ ඇය වැඩිදුරටත් කියා සිටී.
‘පෙබරවාරි මැද මාර්තු පළමු සතිය වනවිට මේ එන්නත නොමිලේ ලබාදීමට හැකිවෙයි. ලංකාවේ ජනගහණය මිලියන 22යි. ඒකෙන් සියයට 60කට ඒ කියන්නේ ලක්ෂ 132 වගේ ජනගහණයකට එන්නත් දෙන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඉන් ලක්ෂ 42කට කෝවැක්ස් පහසුකම හරහා එන්නත් ලැබෙනවාග ඉතිරි ලක්ෂ 90වට රජය මිලදී ගැනීමට තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ඉන්දියාවේ සීරම් ආයතනය හරහා ලබා ගැනීමට එස්පීසී ආයතනය ඒ අවශ්‍ය කටයුතු කරගෙන යනවා. අපි ගණන් බලලා තියෙනවා එක් අයෙකුට එන්නත් මාත්‍රා දෙකටම ඩොලර් 6ක් වගේ වියදම් වෙනවා‘ යැයි ඇමැතිවරිය වැඩිදුරටත් කියා සිටියාය.